පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දැඩි පියවර ගන්නවා / ජනපති

Sri Lanka

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත් මහබැංකු වංචාව සම්බන්ධව වගකිව යුතු පිරිස් සඳහා නීතීය ක්‍රියාවට නැංවීමට ද උපදෙස් ලබා දී ඇති බවත් ජනපතිවරයා පැවසුවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන්ට ලැබී ඇති අතරම එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *