ලංකාවට දැඩිව විරෝධය පල කළා / ඉන්දීය විදේශ ඇමති පාර්ලිමේන්තුවට කියයි

Sri Lanka

ඉන්දීය ධිවරයන් 4 දෙනකු මෙරට මුහුදු සීමාවේදී ඝාතනය ලක්වීම පිළිබද දැඩි විරෝධය පල කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් ඉන්දීය පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර තිබෙනවා.
ද හින්දු පුවත්පත වාර්තා කළේ එවන් ක්‍රියාකාරකම් කිසිසේත්ම අනුමත නොකරන බව ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බවයි.
තමිල්නාඩු දේශපාලන කණ්ඩායම් විසින් ඉන්දීය පාර්ලිමේන්තුවේදී ධීවර මරණ පිළිබද ප්‍රශ්න කිරීමෙන් පසු මෙම ප්‍රතිචාරය දක්වා තිබෙනවා.

මේ වන විට ඉන්දීය ධීවර යාත්‍රා 62 ක් හා ධීවරයන් 12 දෙනකු මෙරට භාරයේ පවතින බවත් එම යාත්‍රා හා ධීවරයන් කඩිනමින් ඉන්දියාවට ගෙන එන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබුණා.
කෙසේ වෙතත් මෙරට නාවික යාත්‍රාවක් අනතුරට පත් කර පලායාමට තැත්කිරීමේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට පත්වී එම ධීවරයන් මිය ගිය බවයි ශ්‍රී ලංකාව අවධාරණය කර තිබුණේ.

 

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *