• Tue. Nov 29th, 2022

සර්වපාක්ෂික ආණ්ඩුවක් නැත්නම් ගොඩයාම අසීරුයි / මෛත්‍රීපාල සිරිසේන

ByLankaAnews

Jun 11, 2022

සර්වපාක්ෂිත ආණ්ඩුවක් පිහිටුවිමට කටයුතු කළහොත් ලෝකයෙන් වැඩි උපකාර හිමිවනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,

“ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් චීනයේ මතය ගැන මෙම හමුවේදී පැහැදිලි කළා. එහිදී චීන තානාපති කිව්වේ පුළුවන් තරම් ලංකාවට උදව් කරනවා කියලයි.”

“අපි දැන් මාස 3ක ඉඳන් කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. 15ක විතර ඇමති මණ්ඩලයක් සුළු කාලයක් සඳහා.. එතකොට ලෝකෙ ගොඩාක් රටවල් උදව් කරනවා.”

“විශේෂයෙන්ම මේ රජය වෙනස් වෙනකම් සහ වෙනත් රජයක් එනකම් මේ රට ගොඩගන්න පුළුවන්කමක් නැහැ. මේ රට ගොඩගන්න පුළුවන් එකම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන එක.”

“අපි දැන් විපක්ෂයේ ඉන්නේ.. හැමදේටම රජයට උදව් දෙන්නේ නැහැ. මම විදුලිබල පනතටත් ඡන්දය දුන්නේ නැහැ.” 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *