

ඉකුත් සඳුදා රාත්රියේ සිට මේ දක්වා පාකිස්තානයේ සිට තම රටට රොකට් වෙඩ් ප්රහාර 50ක් එල්ලවී ඇතැයි ඇෆ්ගනිස්ථානය පවසනවා.
එරට කුනාර් පළාතේ ආණ්ඩුකාර මොහොමඩ් ඉක්බාල් සයීඩ් පවසන්නේ මෙම රොකට් වෙඩි ප්රහාර මගින් සිවිල් වැසියන්ගේ දේපල වලට බරපතල හානි සිදුව ඇති බවයි.
අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙන්නේ දේශසීමාවේ දෙපස ත්රස්ත කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නිරන්තරයෙන් මෙවන් ගැටුම් හටගන්නා බවයි.
ඒවා සෘජුවම හමුදා ක්රියාකාරකම් ලෙස ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය චෝදනා කරමින් සිටින බව ද එම වාර්තා පැවසුවා.
කිලෝමීටර් 2,400 ක් දිග දෙරටේ දේශසීමාව ලෝකයේ වැඩිම ත්රස්ත ක්රියාකාරකම් පවතින කලාපයක් ලෙස ද පිළිගනු ලබනවා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්රතිකාර ලබන
464