අවසන් ඩීසල් නැව අද කොළඹට

ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700 ක ණය පහසුකමට අදාළව ලැබෙන අවසන් ඩීසල් නැව අද (16) කොළඹට ළඟාවීමට නියමිතව තිබේ.

එම නෞකාවෙන් රැගෙන එන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 40,000 කි.

කෙසේවෙතත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

අද පැමිණෙන නෞකාවේ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

එවැනි පසුබිමක් තුළ ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව තවදුරත් පෝලීම්වල රැඳී සිටී.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇත්තේ ඉන්ධන නොමැති බව පවසමිනි.

නමුත් ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව දින ගණනාවක් පෝලීම්වල රැඳී සිටී.

ප්‍රදේශ රැසක ජනතාව ඊයේ දිනයේදී ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලා මාර්ග අවහිර කර විරෝධතාවල ද නිරත විය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.