නොරොච්චෝලේ අලුත්වැඩියාව සමග විදුලි කප්පාදුව ඉහළ යාමේ අවදානමක්

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් එක් කොටසක් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට  ක්‍රියාවිරහිත කිරීමට නියමිතව තිබේ.

ඒ, දින 80ක කාලයක් සඳහාය.

වාර්ශිකව සිදුකළ යුතු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක් ඒකකයක් මධ්‍යම රාත්‍රියේ සිට එලෙස ක්‍රියාවිරහිත කෙරෙයි.

විදුලි ඉන්ජිනේරු සංගමයේ සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසුවේ, මේ සමග ඉන්ධන කප්පාදුවේ කාලය ඉහළ යා හැකි බවයි

“වසර දෙකකින් ප්‍රමාද වූ නඩත්තු කටයුත්තක් තමයි මේ සිදුකරන්නේ. පද්ධතියට 45%ක වගේ ප්‍රමාණයක් ගල්අඟුරුවලින් විදුලිය ජනනය කරනවා. ඒ අනුව අඩුවන 15% ජනනය කරන්න හැකියාව ලැබෙන්නේ ජල විදුලියෙන් යම් ප්‍රමාණයක් සහ ඉන්ධනවලින්.”

“මේ වනවිට දැවිතෙල් සහ ඩීසල් ලැබීමේ අඩුවක් තිබෙන නිසා අපිට විශ්වාසයක් නැහැ. කොහොම වුණත් අපි උත්සාහ කරනවා පැය 3යි විනාඩි 20ක කාලයකින්වත් මේ විදුලි කප්පාදුව පවත්වාගෙන යන්න.”

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.