මියන්මාර හමුදා නිෂ්පාදන වර්ජනය කරමින් ජනතාව විරෝධයේ

Sri Lanka

මියන්මාර ජනතාව එරට නව හමුදා පාලනයට එරෙහිව දැඩි විරෝධතා ආරම්භ කර තිබෙනවා.

මියන්මාර හමුදාවට සම්බන්ධ සියළුම නිෂ්පාදන හා සේවා සමග සම්බන්ධ වීමෙන් වැලකී සිටින බවයි ජනතාව පවසන්නේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරිම සදහා සිරගත කර සිටින නායකයන් නිදහස් කරන ලෙසත් ජනතාව ඉල්ලීමක් කර ඇති බවයි මියන්මාර් ටයිම්ස් වාර්තා සදහන් කළේ.

පාලන බලය අත්කරගනිමින් වසරක හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කිරිමටත් මියන්මාර හමුදා පාලකයන් පියවර ගත්තා.

ඒ සමග මියන්මාරය තුල මෙන්ම බාහිර රටවලද ඊට එරෙහිව විරෝධතා ආරම්භ වුණා.
බැංකොක් නුවර දී පැවැති එවන් විරෝධතාවයක් පොලිසිය යොදා විසුරුවා හැරීමටයි තායිලන්තය පියවර ගත්තේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *