ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

ByLankaAnews

Jan 23, 2021

අභාවප්‍රාප්ත ,කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ජන සන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ක්‍රියාධරයෙකු මෙන්ම සුවිශේෂි විෂය දැනුමක් ලොවට දායාද කළ කෘතහස්ත ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන එතුමාගේ අවසන් කටයුතු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
එඩ්වින් ආරියදාස මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.
මිය යනවිට ඒ මහතා 99 වන වියේ පසු වුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *