මාස 6කදි ලක්ෂ 3ක් පාස්පෝට් අරන් / රටින් පිටවී ඇත්තේ පනස් දහසයි

ගෙවුණු මාස හයට ගුවන් ගමන් බලපත්‍ර තුන් ලක්ෂ දොළොස් දහසක් ලබාගෙන ඇතත් ඒවා භාවිත කර විදේශ ගතව ඇත්තේ පනස් දෙදහසක් පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එක්දින සේවය යටතේ මේ දිනවල ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල දැඩි තදබදයක් ඇති අතර දිනකට එම සේවාව යටතේ දහසකට පමණ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරයි. කෙසේ වෙතත් ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනකට තුන් දහසක්, හාරදහසක් අතර ප්‍රමාණයක් ආගමන විගමන කාර්යාලයට පැමිණෙති. මේ හේතුවෙන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාණයද වැඩිකිරීමට සිදුව ඇත.

කෙසේ වෙතත් එසේ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගත් පිරිසෙන් බහුතරයක් කටාර්, ඩුබායි, කුවේට් යන රටවල්වල රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.