පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.
ලබන මස 06 වනදා දක්වා එම තහනම් නියෝගය ක්‍රියාත්මකයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති එල්ටී බී දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබුණා.
මීට අදාළ විරෝධතා ඇත්නම් ලබන මස 6 වනදා එය ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට අභියාචනාධිකරණය දැනුම්දුන්නා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රජයේ මුදල් මිලියන 90 ක් අව භාවිතා කළ බව කියමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සූදානම් වන බවයි.
ඒ සඳහා පොදු දේපල පනත යටතේ සහතිකයක් මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවටද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.