නව බස් ගාස්තු අද ප්‍රකාශයට පත් කරයි/ අවම ගාස්තුව 40 යි

හෙට සිට බලාත්මක නව බස් ගාස්තු අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ ජාතික ගමනාමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම සහ එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

පෙරේදා දිනයේදී බස් සංගම් සහ ගමනාගමන කොමිසම අතර පැවති සාකච්ඡාව අවසන් තීරණයකින් තොරව නිමාවට පත්විය.

අනතුරුව බස් සංගම් නියෝජිතයන් අවධාරණය කලේ සියලු ගාස්තු සියයට 30 කින් වැඩි කිරීමටත් අවම ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ දැමීමටත් යෝජනා වී ඇති බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *