ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන භාවිත කරන වර්ගයේ අධිතාක්ෂණික ස්නයිපර් ගිනිඅවියක් මෙරට ව්‍යාපාරිකයෙකු විසින් පෞද්ගලික ආරක්ෂාවට යැයි පවසමින් ගෙන්වා තිබෙන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද ප්‍රකාශ කළා.

රාජගිරිය, නාවල පාරේ පිහිටි බොදු බල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

මිලිමීටර්  නවයේ ගිනිඅවියක් වශයෙන් ලියාපදිංචි කර 2016 වසරේ ජූලි 26 වැනිදා මෙරටට ගෙන්වා ඇති මෙම අවිය GB15/2213 අංකය යටතේ ලියාපදිංචි කර ඇති බවයි මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුනේ.

මෙම අවියට ශබ්දය නොඇසෙන සේ වෙඩි තැබිය හැකි අමතර උපකරණ ගෙනැවිත් ඇතැයි තමන් වහන්සේට තොරතුරු ලැබී තිබෙන බවද ඥානසාර හිමියන් සදහන් කළා.

ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා, ජාතික නායකයන්, ජනාධිපතිවරයා ඇතුළු දේශපාලඥයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ ජීවිතවලට මෙමගින් දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බැවින් මේ පිළිබද කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙහිදී රජයෙන් ඉල්ලීමක් සිදුකෙරුණා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.