වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ ,ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මිය යයි

වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ ,ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මරණයට පත්ව තිබෙනවා.

ජපානයේ නාරා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව තහවුරු කළා.
නාරා හි දේශනයක් සිදුකරමින් සිටියදී පසුපසින් පැමිණි පුද්ගලයකු ඔහුට වෙඩි තැබූ අතර එයින් හදවතට හා පෙනහැල්ලට බරපතල හානි සිදුව තිබූ බවයි ජපානයේ එන් එච් කේ වාර්තාවක් සදහන් කළේ.
2006 -2007 හා 2012 – 2020 අතර සමයේ අබේ මහතා ජපාන අග්‍රාමාත්‍ය ධූරය දරනු ලැබුවා.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාව, රුසියාව හා චීනය ඇතුළු රටවල් රැසක් සිය කණගාටුව පල කර තිබුණා.

ෂින්සෝ අබේ මහතා ලංකාව සමග සමීපව කටයුතු කළ රාජ්‍ය නායකයකු ලෙසයි පිළිගනු ලබන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *