ඉන්දී්‍ය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට / අවුරුදු 12ක දරුවෙකුත් ඇවිත්

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රාවක් සමඟ 2019 ජූලි 11 වන දින නාවික හමුදා භාරයට ගෙන තිඛෙනවා.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක නෞකාවක් මඟින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 3 ක් පමණ ශ්‍රී ලංකාව දෙසට පැමිණ මසුන් අල්ලමින් සිටියදී මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම ඉන්දීය ධීවරයින් සහ ඩව් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ බවයි නාවික හමුදාව පවසන්නේ.

ඒ අනුව, නාවික හමුදා භාරයට පත් මෙම පිරිස අතර, අවුරුදු 62, 48,39,27 සහ 22 යන වයස්වල ධීවරයින් සහ අවුරුදු 12 ක බාල වයස්කාර දරුවකු ද වනවා. මෙම පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

2838

ආසාදිතයන්

2537

සුවය ලැබූ

290

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.