අයහපත් කාලගුණය හෙටත් / ධීවරයින් 200 ක් අතරමං

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හෙට දිනයේ ද බලපෑම් එල්ල කළ හැකි බව කාලගුණ අංශ පවසනවා.

එබැවින් අනිද්දා දිනය තෙක් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසයි ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.නාවික ප්‍රජාව ද ඒ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දී තිඛෙනවා.

දැනට මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රාවලට ළගම ඇති වරායන් වෙත පැමිණෙන ලෙසයි අවධාරණය කෙරෙන්නේ. ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින්ට මාලදිවයිනට හා ඉන්දියාවට ළඟා වීමට අවසර හිමිවනවා. ධීවර යාත්‍රා 30 ක ධීවරයින් 200 දෙනෙකු පමණ මුහුදේ අතරමංව සිටිනවා. ඉන් යාත්‍රා 14ක්ම හලාවත ප්‍රදේශයෙන් පිටත්ව ගිය යාත්‍රා බවයි ධීවර අමාත්‍යාංශය පවසන්නේ. ඔවුන් ගොඩබිමට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. නැවත දැනුම් දෙන තුරු බස්නාහිර, දකුණ, නිරිත දිග හා වයඹ ප්‍රදේශවල සිට කිසිදු යාත්‍රාවකට ධීවර කටයුතු සඳහා මුහුදේ යාමට අවසර ලබා නොදීමට ද තීරණය කර තිබෙනවා.

2811

ආසාදිතයන්

2333

සුවය ලැබූ

467

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.