ලංකාවට එවූ හානිකර කසළ ගැන එංගලන්තයෙන් විමර්ෂණ

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිඛෙනවා.
ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළේ ප්‍රතිචක්‍රීකරණය සඳහා එරට සිට ශ්‍රී ලංකාවට එවන ලද කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් හමු වී ඇති බවයි.

අදාළ කර්ටේනර් යළි එංගලන්තයට යවන බවට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කිරීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර තිබුණා.

මීට වසර දෙකකට පමණ පෙර ගෙන්වන ලද කන්ටේනර් 111 තැන්පත් කර තිබූ කොළඹ වරායේ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනයවීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ඇතැයි ටෙලිග්‍රාෆ් වාර්තාවේ සදහන්.

එහි සඳහන් වන්නේ එම කන්ටේනර් තුළ තිබී මෙට්ට සමග අතිශය උපද්‍රකාරී ද්‍රව්‍ය සහිත සායනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ මෙට්ට කොටස් සොයාගෙන ඇති බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න