දිවයිනේ ප්‍රදේශ රැසක ඇති වී තිබෙන හදිසි ආපදා තත්වය පිළිබඳව හදිසි රැස්වීමක් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) සන්ධ්‍යාවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණ අතර, එහිදී ආපදා තත්වය පිළිබඳව වාර්තා සමාලෝචනය කෙරිණි.
කඩිනමින් විපතට පත් ජනතාවට සහන සලසන ලෙස අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමා ආපදාවට පත් ප්‍රදේශවල විදුලි බල සැපයුම කඩිනමින් යථා තත්වයට පත් කරන ලෙසත්, හානියට පත් නිවාස හා දේපළ කඩිනමින් යථා තත්වයට පත් කරන ලෙසත් උපදෙස් ලබා දුණි.
දිවයින පුරා විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීම කඩිනමින් සිදුවන බවත්, රු. 10,000 බැගින් මූලික වන්දි මුදල් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බවත්, ආපදා සහන වන්දි මුදල් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනටමත් ලබා දී ඇති බවත් මෙහිදී වාර්තා කෙරිණි.

23987

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6052

දැනට රෝගීන්

118

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.