පිල් මාරුවක් අත ළග -ශ්‍රීලනිපයෙන් පැනිල්ලක්

ඉදිරි ජනාධිපතිවරණයට පෙර ප්‍රබල මට්ටමේ දේශපාලන පිල් මාරුවක් සිදුවීමේ ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව එ.ජා.ප.ය සමඟ වෙනම කණ්ඩායමක් ලෙස සන්ධානගත වීමට  දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීන් 8 දෙනකු සූදානම් වන බව සදහන්.මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද හෙළිව තිඛෙනවා. එම සාකච්ඡාවට දයාසිරි ජයසේකර මහතාද එක්වීමට නියමිත වුවත් අවසන් මොහොතේ එය වැළැකී ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී.ල.නි.ප.යේ තවත් ජ්‍යෙෂ්ඨයන් දහ දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීමට තීන්දු කර ඇඇති බව පැවසෙන අතර එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරැන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිඛෙනවා.ඉදිරි කාලයේදී මෙම කතාබහට නිමල් සිරිපාල ද සිල්වා මහතාද එක්වීමට ඇති අතර බොහෝ මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවෙන් විරෝධයක් එල්ලවන බවද හෙළිවනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.