එජාපයේ ජනපති අපේක්ෂකයා තාම නෑ / ඇමති රවී කියයි

එක්සත් ජාතික පක්ෂය මේ දක්වා ජනාධිපති අපේක්ෂකයකු නම් කර නොමැති බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මේ ඒ පිළිබද අමාත්‍යවරයා පල කළ අදහස්.

“එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කරනවා. 76 කින් 10 ක් සහයෝගයට උත්තර දුන්නම අනිත් 66ම නිහඬ වුණේ  සහයෝගයට කියලා කියන්න පුළුවන්ද. එහෙම කියලා 76ක් සහයෝගය ප්‍රකාශ කලා කියලා කියන්න පුළුවන්ද.  මේක අංක ගණිතය නොදන්න තත්ත්වයක්.

76කින් 66ක් සජිත ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කලා කියන එක අමූලික බොරුවක්. කිසිසේත්ම ඒ වගේ දෙයක් ඇති වෙලත් නැහැ. ඇති වෙන්න දෙන්නෙත් නැහැ. ඊයේ පෙරේදා ඇවිත් කතා කරන අයද වසර ගණනාවක් පක්ෂය රැකගෙන ආව අයද වැදගත් වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෝ මේ වගේ බොරු කියන එක විලිලැජ්ජාවක්. මෙහෙම ප්‍රකාශ කරන්න කිසිම අයිතියක් නැහැ. අපි ජනාධිපතිවරණය ඉදිරිපත් කරන්නෙ පස්සට ගිහින් ඩීල් දාන අය නෙමෙයි. ඒ නිසා අනෙක් පක්ෂ වලින් කවුරු ඉදිරිපත් වුණත් අපිට අභියෝගයක් නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙන්න  සුදුසුකම් සපුරා ඇති පරිණත පුද්ගලයින් ඕන තරම් සිටිනවා. අගොස්තු මස අග හෝ සැප්තැම්බර් වෙද්දි අපි ඒ පුද්ගලයා කවුද කියලා ප්‍රකාශයට පත් කරනවා

අද කම්කරුවෙක් වෙන්නටත් සාමාන්‍ය පෙළ අවශ්‍යයි . ඒ නිසා අඩුගාණේ සාමාන්‍ය පෙළවත් තියෙන පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා විය යුතුයි.  අධ්‍යාපන සුදුසුකම් පෙන්නල, ඔප්පු කරන්න පුළුවන් පුද්ගලයින් මේ  සදහා ඉදිරිපත් විය යුතුයි.

මම මගේ අධ්‍යාපන සුදුසුකම ඉදිරිපත් කලා වගේම අප පක්ෂයේ කිහිප දෙනෙක්ම මේ වනවිට ඔවුන්ගේ සුදුසුකම් ප්‍රසිද්ධියේ ඔප්පු කරලා තිබෙන්නේ. මම අභියෝග කරනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න දගලන පිරිස් වලටත් ඒ වගේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න කියලා. අපි මීට ඉහතදී ජනාධිපතිවරණ වලදි මේ ආකාරයෙන් අධ්‍යාපන සුදුසුකම් ගැන විශේෂයෙන් සෙව්වේ නැත්තේ, ඒ ඉදිරිපත් වූ හැම දෙනාම සුදුසුකම් සහිත පුද්ගලයින් වුණ  නිසයි. අපේ පක්ෂයෙන් අඩු සුදුසුකම් සහිත අය ඉදිරිපත් වුණේ නැහැ. එහෙම අඩු සුදුසුකම් සහිත පුද්ගලයින් පත්වෙන එකේ අඩුව අද පේන්න තියෙනවා. රටේ හැමදේම නිකන් දෙන්න ඕනනම්, ආණ්ඩුවක් අවශ්‍ය නැහැනෙ. එහෙම ඕනනම් රට පාලනය කරන්න සහනාධාර සමිතියකට දුන්නනම් හරි”

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.