සේවයට මුල්තැන දෙන්න / නව පත්වීම් ලාභීන්ගෙන් ඇමති ජේ සී අලවතුවල ඉල්ලයි

අලුතින් බදවා ගනු ලැබූ උපාධිධාරීන් හරහා රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට අවස්ථාව උදාවන බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් එක්දහස් තුන්සිය අනූඑක් දෙනෙකුට රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක්වී මාධ්‍ය වෙත අදහස් දක්වමින්

උපාධිධාරී අභ්‍යාසලාභීන් රැකියාගත කිරීමේ ජාතික වැඩසටහන යටතේ සංවර්ධන නිලධාරීන් දහසය දහස් අටසියයක් රජයේ සේවයට බඳවා ගැනීම සිදුකෙරෙන අතර  5,000 ක් ගුරු සේවයට ඇතුලත් කර ගැනීමට නියමිතයි.

මේ හරහා අවලාද හෝ චෝදනා එල්ල කරන දේශපාලනය වෙනුවට උගත් තරුණ පරපුර රටේ යහපත වෙනුවෙන් දායක කර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව බවද ජේ සී අලවතුවල මහතා මෙහිදී පැවසුවා.

මෑතකාලීනව සමෘද්ධී සහනාධාර වර්ධනය / රාජ්‍ය සේවක වැටුප් දීමනා වැඩිකිරීම මෙන්ම රාජ්‍ය සේවයට උපාධිධාරීන් බදවා ගැනීම තුලින්ම ජනතාවාදී රජයක් ලෙස වත්මන් ආණ්ඩුව ඇගයීමට ලක්වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ..

රටේ ජනතාවට සාධාරණයක් කරමින් සිය සේවයට මුල්තැන ලබාදෙන ලෙසද ජේ සී අලවතුවල රාජ්‍ය අමාත්‍යවරයා නව පත්වීම් ලිපිලාභීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න