මාස 7ට අපරාධ නඩු 4000ක විමර්ෂණ අවසන් / නීතිපති

2019 වසර ආරම්භයේ සිට ගතවූ මාස 07 ක පමණ කාලයේදී අපරාධ නඩු හාරදහස් තුන්සිය අනූවක විමර්ශණ අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම , මේ වසරේ නඩු ගොණු 2901 ක් මහාධිකරණය වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සදහන් කළා.
එමෙන්ම ගතවූ මාස 07 ක කාලය තුල සැකකරුවන් 242 දෙනෙකු නිදහස් කිරීමට අදාල උපදෙස් දී ඇති බවද නිෂාරා මෙනවිය වැඩිදුරටත් කියා සිටියා.