ආපදා හදිසි වෛද්‍ය ආධාර සදහා හදිසි ඇමතුම් මෙන්න

හදිසි ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීමට වෛද්‍යවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් සකස් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් අවශ්‍ය පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සිටින්නේ නම් 0712151111 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කළා.

සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්ව මේ තීරණය ගත් බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

වෛද්‍යවරුන් ගෙන යන මේ වැඩපිළිවෙළට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්, මාධ්‍ය ආයතනයන් හා ස්වේච්ඡා ආයතනයන් සිටින්නේ නම් ඒ පිළිබඳව ඉහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙසට සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඉල්ලීමක් සිදුකරනවා.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.