2005න් පසු ශ්‍රීලනිපය නායකයෙක් බිහිකළේ නෑ / දයාසිරි

2005 වසරෙන් පසු කිසිදු නායකයෙකු බිහි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොදුජන පෙරමුණට මේ වන විට සිදුව තිබෙන්නේ දේශපාලන අත්දැකීම් නොමැති අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බවට ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුත්තලම දිස්ත්‍රික් ක්‍රියාකරීන් සමග පැවති හමුවකදීයි ඒ මහතා මෙම අදහස් පළ කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න