රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන පාර්ලිමේන්තු මහලේකම්ට නියෝගයක්

Sri Lanka

මේ වන විට සිර දඩුවම් විදින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැදවුණා.
පාර්ලමේන්තු මහලේකම්වරයා තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට උත්සාහ දරන බවටත් එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *