පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන් හෙළිකරන්න / රදගුරුවරු ඉල්ලයි

පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් යුක්ති සහගත, සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් මේ දක්වා සිදුවී නොමැති බව ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිසා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස රජයෙන් ඒකාන්තයෙන්ම ඉල්ලා සිටින බව ද එම සම්මේලනය පවසයි.

කොළඹ රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්, එම සම්මේලනයේ සභාපති බදුල්ල රදගුරු අති උතුම් ජේ. වින්ස්ටන් එස්. ප‍්‍රනාන්දු, මහ ලේකම් කොළඹ සහායක රදගුරු ජේ. ඞී. ඇන්තනී ජයකොඩි, උප සභාපති යාපනය රදගුරු ජස්ටින් බී. ඥානප‍්‍රකාසම්, මහනුවර රදගුරු ජේ. වියානි ප‍්‍රනාන්දු හා කුරුණෑගල රදගුරු හැරල්ඞ් ඇන්තනී පෙරේරා යන අගරදගුරුතුමන්ලාගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.

ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ රැුස්වීමක් ඉකුත්දා පැවති අතර පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු රටේ පවත්නා තත්ත්වය එහිදී විමර්ශනයට ලක් කළේ මේ ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස 250 කට අධික සිවිල් වැසියන් හා විදේශිකයන් මරුමුවට පත්ව තවත් සිය ගණනක් බරපතළ තුවාල ලබා ඇති නිසාවෙනි.

මේ සම්බන්ධව රජයෙන් අප ඒකාන්තයෙන් ඉල්ලා සිටිනුයේ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසයි. ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලනය බලවත් කම්පාවෙන් යුතුව සටහන් කරනුයේ යුක්ති සහගත, සාධාරණ සහ අපක්ෂපාති පරීක්ෂණයක් මේ දක්වා සිදුවී නැති බවයි. අප නිරීක්ෂණය කරන්නේ කමිටු කිහිපයක් පිහිටුවා ගනිමින් ආරක්ෂක අංශයේ බරපතළ හිඩැස් සඳහා වගකිවයුතු වන්නේ කවුරුන් දැයි කියා ප‍්‍රධාන කොට විමසා බලන්නට උත්සාහ කරමින් සිටින බවයි. එසේ වුවත් මේ ප‍්‍රයත්නය ඵලදායි මුත් අප උදක් ඉල්ලා සිටිනුයේ යුක්තිය පිළිබඳව ගැටලූවත්, පරීක්ෂණවල අවසාන ඉලක්කය විය යුතුව ඇති වරදකරුවන් කවුරුන්ද යන්නත්, මේ සඳහා අනුග‍්‍රහය දැක්වූ සහ කවරාකාරයෙන් වුවත් මේ බියගුළු කි‍්‍රයාවට අනුබල දුන් පිරිස් නිසැකව අනාවරණය කරගත යුතු බවයි.

අවාසනාවකට මේ මඟ කිසිදු ධනාත්මක සලකුණක් අපට දක්නට නැත. ති‍්‍රපුද්ගල ජනාධිපති කොමිසමේ වාර්තාව තවමත් දැක ගන්නට එළිදක්වා නැත. ජනතාව විමසිල්ලෙන් බලා සිටිනුයේ ඔවුනට සහතික කළ ලෙසින් මේ පරීක්ෂණ ප‍්‍රතිඵල දැක බලා ගැනීමටය. රජය තවදුරටත් මේ රටේ සෑම දෙනාටම නීතිය එක ලෙසින් බල පවත්වන බවට සහතිකයක් ජනතාවට ලබාදිය යුතුව තිබේ. ජනතාවගේ සිත් තුළ තවමත් බිය සහ සැකය රැුඳී තිබේ. කෙසේ වෙතත් අපි ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ කැපවීම මහත් සේ ඇගයුමට ලක් කිරීමට කැමැත්තෙමු. විශේෂයෙන් එමගින් අඳුරු සහගත මේ තත්ත්වය තුළ මිනිස් ජීවිත සුරැුකීමට සමත්ව තිබේ.

එහෙයින් අප නැවත වරක් මේ රටේ රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටිනුයේ ස්වාධීන සහ අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීම හදිසි අත්‍යවශ්‍ය කරුණක් බවයි. එමෙන්ම රජයේ විවිධ සහන සේවා අගය කරන අතරම අප නැවත නැවතත් කියා සිටින්නේ මෙහිලා සාධාරණය ඉෂ්ට කරමින් මීට වගකිවයුතු සියලූ දෙනා රටේ නීතිය හමුවට වහාම පමුණුවන ලෙසය. මෙහිලා සියලූ වෙනස්කම් එනම් ජාතිය, ආගම හෝ වෙනත් තත්්ත්වයන් නොතකා කටයුතු කළ යුතුය.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න