සහරාන්ගේ බිරිදගෙන් පාපොච්චාරණයක්

ත්‍රස්තවාදී නායක සහරාන්ගේ බිරිදගේ විශේෂ පාපොච්චාරණයක් අධිකරණය හමුවේ ලබා ගැනීම ද අද  සිදුවුනා. මේ අතර ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් යන සංවිධානවල ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස කටයුතු කළ තුන් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඩ් කාසිම් නමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ පාපොච්ඡාරණයක් අද සිදු කළා. මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නිල මැදිරියේ පැයකට අධික කාලයක් ඇය මෙම පාපොච්ඡාරණය සිදුකර තිබෙනවා. සහරාන්ගේ බිරිඳ සහ ඇයගේ වයස අවුරුදු 4 ක් වන දියණිය දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ අධිකරණයට රැගෙන විත් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ලබන 19 වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ අතර ඉකුත් පාස්කු ඉරිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ලකළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැති පුද්ගලයාගේ පියා සහ සොහොයුරා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. සැකකාර ත්‍රස්තවාදියාගේ මරණ පරික්ෂණය සදහා සාක්ෂි විමසීමටයි රහස් පොලිසිය ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න