මහින්දගේ සාමාජිකත්වය ගැන මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්ව තීන්දුවක් ගනු ඇති බවයි.