ජේලර් ඝාත­න­යට කොටු වුණු පොඩි ලැසීගේ හික්ක­ඩුවේ ගෝලයෝ

බන්ධ­නා­ගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් ජය­රත්න ඝාත­නයේ සැඟ­වුණු තොර­තුරු රැසක් මේ වන විට හෙළි වී හමා­රය. ඝාත­නය පිටි­පස සිටින්නේ බන්ධ­නා­ග­ර­යේම ඉහළ නිල­ධා­රි­යෙකි. එම නිල­ධා­රියා සහ ජේලර් රත්නා­යක අතර කාල­යක් තිස්සේ පැවැති විර­ස­කය පුපුරා යමින් පාතා­ලය යොදා ඔහු ඝාත­නය කළ බව දැන් සක්සු­දක් සේ පැහැ­දි­ලිය. ජේලර් ජය­ර­ත්නගේ ඝාත­නය මේ තරම් ඉක්මන් වන්නේ සහ­කාර අධි­කා­රී­ව­ර­යෙකු ලෙස මෑත­ක­දීම ඔහු උසස් වීමක් ලබා ගාල්ල බන්ධ­නා­ග­ර­යට ස්ථාන මාරු­වක් ලැබී­මට නිය­මි­තව සිටි බැවිනි. ඔහු සමඟ වෛර බැඳ­ගෙන සිටි ඉහළ නිල­ධා­රියා ජේලර් ජය­රත්න ඝාත­නය කර­වන්නේ ගාල්ලට ඔහුගේ පැමි­ණිම වළ­ක්ව­න්න­ටය.

ගාල්ල බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් පෝෂ­ණය කර­මින් අත­මිට සරු­ක­ර­ගන්නා එම දූෂිත නිල­ධා­රියා ගැන ජේලර් ජය­රත්න කාල­යක් තිස්සේම සිටියේ විවිධ හෙළි­ද­රව් කෙළේය. අව­සා­න­යේදී දෙදෙනා අතර ගැටුම පුපුරා යන්නේ ජේලර් ජය­ර­ත්නගේ ජීවි­තය පවා අහිමි කර­ව­මිනි.

ජේලර්  රුවන් ජය­ර­ත්න

ජය­ර­ත්නගේ ඝාතන විම­ර්ශන සිදු වන්නේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රොෂාන් ප්‍රනාන්දු මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් ගාල්ල නියෝජ්‍ය පොලි­ස්පති නුවන් වෙද­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ක්‍රියා­ත්මක විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් විසිනි. ඇල්පි­ටිය පොලිස් අධි­කාරී ඩී.යූ. උඩු­ග­ම­සූ­රිය, ඇල්පි­ටිය පොලිස් මූල­ස්ථාන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නෙවිල්ද සිල්වා සහ අම්බ­ල­න්ගොඩ මූල­ස්ථාන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අනුර ඉන්දික ගමගේ යන නිල­ධා­රී­න්ගෙන් සැදු­ම්ලත් එම විශේෂ පොලිස් කණ්ඩා­යම විසින් ජේලර් ජය­ර­ත්නගේ ඝාත­කයා පම­ණක් නොව, ඝාත­නයේ කොන්ත්‍රා­ත්ක­රු­ව­න්වද මේ වන විට හඳු­නා­ගෙන හමා­රය. ඊට අනුව ඝාත­නය සම්පූ­ර්ණ­යෙන්ම මෙහෙ­යවා ඇතැයි පෙනී යන්නේ දකුණේ පාතාල කල්ලි නායක පොඩි ලැසීගේ සමී­ප­තම සග­යකු වන කර­න්දෙ­ණියේ සුද්දාය.

යුද හමුදා කොමාන්ඩෝ බළ­කායේ වසර 12ක් සේවයේ නිර­තව සිටියේ යැයි කියන ජය­ලත්ද සිල්වා හෙවත් සුද්දා මත්කුඩු ජාවා­රමේ නිර­තව සිටින දකුණ් පාතා­ලයේ ප්‍රබ­ල­යන් අතර ඉහ­ළින්ම නම කියැ­වෙන අයෙකි. හිත­හොඳ දොස්තර නමින් කර­න්දෙ­ණියේ ජන­තාව අතර ප්‍රච­ලි­තව සිටි වෛද්‍ය ප්‍රියංක ජය­සිං­හට 2011 වසරේ සැත්තැ­ම්බර් 25 වැනිදා වෛද්‍ය මධ්‍ය­ස්ථා­න­යේ­දීම වෙඩි තබා ඝාත­නය කරන්නේ සුද්දාය. ඒ ඔහුට ලද කොන්ත්‍රා­ත්තු­ව­කට අනු­වය. දකුණේ පාතාල අප­රා­ධ­ක­රු­වන්ගේ ලේඛ­නයේ සුද්දාගේ නම ලියැ­වෙන්නේ ඒත් එක්ක­මය.

සුද්දා සහ පොඩි ලැසී

දකුණේ පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ කල්ලියේ ප්‍රබල ක්‍රියා­කා­රි­ක­යෙකු වන සුද්දා සහ පොඩි ලැසී අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බ­න්ධ­යකි. පොඩි ලැසීගේ ලොක්කාද වන්නේ කොස්ගොඩ සුජීය. පොඩි ලැසි­යාත් සුද්දාත් දෙදෙ­නාම සිටින්නේ බන්ධ­නා­ගාර ගත­වය. පොඩි ලැසි බන්ධ­නා­ගා­ර­ග­තව සිටින්නේ ත්‍රිත්ව මිනිස් ඝාත­න­ය­කට සැක­පි­ටය. සුද්දා බන්ධ­නා­ගා­ර­ග­තව සිටින්නේ මත්කුඩු ජාවා­ර­ම­ක­ටය. ඉකුත් වසරේ ඔක්තෝ­ම්බර් 19 වැනිදා ජේලර් ජය­රත්න මීටි­යා­ගොඩ පොලි­සි­යට කොටු වන්නේද සුදාගේ මත්කුඩු තිප්පො­ළක සිටි­ය­දීය.

එදා මත්කුඩු සමඟ මීටි­යා­ගොඩ පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගන්නා අය අතර ජේල­ර්ජ­ය­රත්න හිත­ව­ත්කම් පෑ මත්කුඩු ජාවා­රමේ නිර­තව සිටි පාතාල ප්‍රබල සාමා­ජි­ක­යෙක්ද සිටි­යේය. ඔහු දේමු­ණිගේ විජිත් ආනන්ද සොයිසා හෙවත් රංජිය. යුද හමු­දාවේ හිටපු කපි­තාන් වර­යෙකු වූ ඔහුද හිත­හොඳ දොස්තර ඝාත­නයේ ප්‍රධාන සැක­ක­රු­වෙකි.

හෙළි­වෙ­මින් ඇති ආකා­ර­යට අනුව සුද්දා ජේලර් ඝාත­න­නයේ කොන්ත්‍රා­ත්තුව භාර­ගෙන ඇත්තේ පොඩි ලැසි­යාගේ කීම­ටය. පොඩි ලැසි­යාට එම කොන්ත්‍රා­ත්තුව ලැබී ඇත්තේ බන්ධ­නා­ගාර ලොක්කා­ගෙනි. පොඩි ලැසී එම කොන්ත්‍රා­ත්තුව සිය සගයා වන සුද්දාට භාර දෙන්නේ බන්ධ­නා­ගාර ලොක්කා සමඟ ඔහුට ඇති හිත­ව­ත්කම බන්ධ­නා­ගා­රය තුළ ප්‍රසිද්ධ රහ­සක් වන බැවින් ජේලර් ඝාත­නයේ සැකය ඔහු වෙත එල්ල නොව­න්න­ටය. ජේලර් ඝාත­නය වන දින ඔහු ගාල්ල බන්ධ­නා­ගා­රයේ රැදී නොසි­ටි­න්නද ඒත් එක්කම වග බලා­ග­ත්තේය. ගාල්ල බන්ධ­නා­ගා­රය තුළ තමන්ට ජීවිත තර්ජන ඇතැයි සඳ­හන් කර­මින් ඝාත­න­යට දින කිහි­ප­ය­කට පෙර ලැසී මැග­සින් බන්ධ­නා­ගා­ර­යට එන්නේ ඒ අනු­වය.

කර­න්­දෙ­ණියෙ සුද්දා

මැග­සින් බන්ධ­නා­ගා­රයේ ලැසියා රඳවා තැබෙන්නේ රත්ම­ලානේ බේක­රියා රඳවා සිටි සිර මැදි­රි­යේය. මත්කුඩු ජාවා­ර­ම­කට බන්ධ­නා­ගා­ර­ග­තව සිටින බේක­රියා බන්ධ­නා­ගා­රයේ අල්ල­න්නට හැකි සෑම අත්ත­කම අල්ලා­ගෙන සිටි­න්නෙකි. ඒ නිසාම බන්ධ­නා­ගා­රය තුළ ජංගම දුර­ක­තන භාවිතා කිරී­මට ඔහුට තහ­න­මක් නොවීය. ජේලර් ජය­රත්න මරා දම­න්නට පොඩි ලැසී, ගාල්ල බන්ධ­නා­ගා­රයේ සිටි සුද්දාව මෙහෙ­ය­ව­න්නට වූයේ බේක­රි­යාගේ ජංගම දුර­ක­ත­න­යක් යොදා­ගෙ­නය.

ඝාතන සැලසුම

පොඩි ලැසී

විම­ර්ශ­න­ව­ලින් හෙළි වෙමින් ඇති ආකා­ර­යට ජේලර් ජය­රත්න මරා­දැ­මී­මට යොදා ගන්නේ කුලී ඝාත­ක­යෙකි. ඔහු රත්ගම පැත්තේ අයෙකි. ඔහුව හඳු­න්වන්නේ වසන්ත කියාය. ඝාතන කොන්ත්‍රා­ත්තුව රුපි­යල් ලක්ෂ­යකි. එම ලක්ෂය මුදල ඔහු අතට පත් වන්නේ සුද්දාගේ මත්කුඩු ජාවා­රමේ පුරු­කක් වන මංජු මඟිනි. ඔහු තිරා­ණ­ගම පැත්තේ සංචා­රක නිවාඩු නිකේ­ත­න­යක් බලා­කියා ගන්නා සේව­ක­යෙකු ලෙස පෙනී සිටි­න්නෙකි. නාවික හමු­දා­වෙන්ද පලා ඇවිත් සිටින සෙබ­ළෙකි. සුද්දාගේ මත්කුඩු බෙදා හැරීමේ තිප්පො­ළක් වන්නේ එම සංචා­රක නිවාඩු නිකේ­ත­නය බව සඳ­හන්ය. ජේලර් ජය­රත්න ඝාත­න­යට අවශ්‍ය මුදල් බැර­වෙ­න්නට වූයේ මංජු­ලගේ බැංකු ගිණු­ම­ටය. වෙඩි­ක්ක­රුට රුපි­යල් ලක්ෂ­යක් දෙන්නේ එසේ බැර­වුණු මුද­ලිනි. එදා ජේලර් ජය­ර­ත්නට වෙඩි තැබූ වසන්ත ගම­න්ගත් යතුරු පැදිය රැගෙන එන්නේ ලොක්කාය. එදා එම යතුරු පැදිය පද­ව­න්නේද ලොක්කාය.

ජේලර් ජය­ර­ත්නට වෙඩි තබා ඝාත­නය කිරී­මෙන් පසු වස­න්තට පලා යෑමට මෝටර් රථ­යක් පවා සූදා­නම් කර තිබී ඇත. එම මෝටර් රථය පන්නි­පි­ටියේ වාහන කුලී ආය­ත­න­ය­කින් ලබා­ගන්නේ ජේලර් ඝාත­න­යට පෙර දින­යේ­දීය. දක්ෂිණ අධි­වේගී මාර්ගය ඔස්සේ තිරා­ණ­ගම සංචා­රක නිවාඩු නිකේ­ත­න­යට රැගෙන පැමිණි එම මෝටර් රථය නැව­තත් වාහන කුලී ආය­ත­න­යට භාර­දෙන්නේ ඝාත­න­යෙන් පසු දින අධි­වේගී මාර්ග­යෙන්ම රැගෙන ගොසිනි. එදා ජේලර් ජය­ර­ත්නට වෙඩි තබන විට එම මෝටර් රථය නතර කර තිබෙන්නේ අම්බ­ල­න්ගොඩ නග­රයේ සිට කිලෝ මිට­ර­යක් පමණ ඈතිනි. එහි මංජු මෙන්ම සංචා­රක නිවාඩු නිකේ­ත­නයේ සේව­ක­යෙක් වන ගනේෂ්ද සිටි­යේය.

සුද්දාගේ මත්කුඩු ජාවා­රමේ ගනේෂ්ද පුරු­කකි. ජේලර් ජය­ර­ත්නට වෙඩි තැබී­මෙන් පසු වසන්ත නිරු­ප­ද්‍රි­තව රැගෙන එන ලොක්කා මෝටර් රථ­යට ගොඩ කර අතු­රු­ද­න්වන්නේ යතුරු පැදි­යද සඟ­ව­මිනි. වසන්ත මෝටර් රථ­යෙන් බසින්නේ හික්ක­ඩු­වෙනි. ජේලර්ට වෙඩි තැබූ ටී 56 අවි­යද රැගෙ­නය.

මේ ආකා­ර­යට ජේලර් ජය­ර­ත්නගේ ඝාත­නය සැල­සුම් ප්‍රකා­රව සිදුවූ බව දැන­ගත් සැණින් සතු­ටින් පිනා යන්නේ මැග­සින් බන්ධ­නා­ගා­රයේ රඳවා සිටි පොඩි ලැසි­යාය. එම සතුට ඔහු එදා සමරා ඇතැයි පැව­සෙන්නේ බේක­රියා බදා­ගෙන කෑමොර දෙමිනි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න