ලංකාවේ ක්‍රිකට් හදන්න අරවින්ද ,මහනාම , මුරලි හා සංගක්කාර ඇතුළු කමිටුවක්

Sri Lanka

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා.
එහි සාමාජිකයන් ව්නනේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා මහතා (සභාපති)රොෂාන් මහානාම ,මුත්තයියා මුරලිදරන් ,කුමාර් සංගක්කාර යන මහත්වරුන්.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද එම කමිටුව පත්කර තිබුණා.
කමිටුවේ මූලික කාර්යභාරය වන්නේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබාදීමයි.
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තක් බව අමාතයාංශය සදහන් කළා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *