කෝප් කාරක සභාවට රාජ්‍ය ආයතන 8ක් කැදවයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරි සති 03 තුළදී රාජ්‍ය ආයතන 08ක් එහි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා කාරක සභාව හමුවට කැඳවා ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා සතොස ආයතනය,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කමිටුව හමුවට කැඳවා ඇතැයි සදහන්.

අගෝස්තු 23 දින විදුලි බල මණ්ඩලයේ ප්‍රගතිය විමසා බැලෙන අතර සැප්තැම්බර් 3 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාව හමුවට කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළා.

මේ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුව,මහජන බැංකුව මෙන් ම පරමාණු බලශක්ති අධිකාරිය ද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න