

ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය යළි පසුපසට ගෙන යෑමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරනවා.
පසුගිය සමයේ ඒ පිළිබද යම් වර්ධනයක් තිබුණ ද එහි ගැටළුකාරී තත්ත්වයන් පවතින බවයි වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.
සිදුව ඇති බව කියන අපරාධ සම්බන්ධයෙන් වගවීම, වින්දිතයින් සඳහා යුක්තිය ඉටුකිරීම සහ ජාතීන් අතර එකමුතු බව ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නැයි ද මෙමගින් යෝජනා කර තිබුණා.
2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට සිදුකළ නිල සංචාර 10කින් අනතුරුව ඉදිරිපත්කළ නිර්දේශ 400ක් සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති ආකාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ඇගයීම් වාර්තාව අද නිකුත් කෙරුණා.
මීට අදාළ සොයා බැලීම් වර්ධනය කළ යුතු බවටයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට මෙමගින් යෝජනා කර ඇත්තේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476