මහරගම බයිසකලයේ මන්ත්‍රී ආසන අවදානමේ

මහරගම නගර සභාවට ‘බයිසිකලය‘ ලකුණින් තරඟ කර ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් එම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කළ මන්ත්‍රීවරු පිරිසක් ඉදිපත් කළ පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  පිළිගෙන තිබෙනවා.

මහරගම නගර සභාවට ‘බයිසිකලය‘ලකුණින් තරඟ කොට ජයග්‍රහනය කළ සමහර මන්ත්‍රීවරුන් එම ඡන්ද බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන හෙයින් එම මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට තිබූ මෙම පෙත්සම සම්බන්ධයෙන් පැවැත්වූ දීර්ඝ විභාගයෙන් අනතුරුව පෙත්සම පිළිගන්නා බවයි විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කළේ.

මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කළ ජයමිණි පුෂ්පකුමාර මහතා ඇතුළු 21 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහරගම නගර සභාවට ‘බයිසිකලය‘ලකුණින් තරඟ කොට ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඇතුළු 25 දෙනෙකු නම් කොට තිබෙනවා.

2018 පෙබරවාරී 10 වැනිදා පැවැත්වු පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව සඳහා ‘බයිසිකලය‘ලකුණින් තරඟ කළ වගඋත්තරකරුවන් ඇතුළු පිරිසක් ජයග්‍රහණය කළ බවත් තමන් එම මැතිවරණයේදී දෙවැනි ස්ථානයට පත් වූ බවත් පෙත්සමේ සඳහන්.

පළාත් පාලන මැතිවරණ පනත අනුව මැතිවරණයට ඉදිරිපත්විය යුත්තේ අදාළ ඡන්ද බල ප්‍රදේශය තුළ හෝ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ අදාළ මැතිවරණ සමයේදී මෙන්ම ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන සමයේදී ස්ථිර පදිංචි වී සිටින අය බව සඳහන් වී ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කරුවෝ වගඋත්තරකරුවන් අතුරින් බොහෝ පිරිසක් පළාත් පාලන මැතිවරණ පනතේ අදාළ වගන්තිය උල්ලංඝනය කොට ඇතැයිද ඔවුන්ගෙන් ඇතැමෙකු පිට පළාත් වල පදිංචිකරුවන් බවද සඳහන් කොට තිබෙනවා.

එම තත්වය අනුව මෙම පෙත්සම විභාග කොට මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තරඟ කොට ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස එම නගර සභා මන්ත්‍රී ධූර වලින් ඉවත් කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා තිබුණා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :