පකිස්ථානය ඉන්දියාවට සාමයේ දෑත දිගු කරයි

Sri Lanka

සෑම දිශාවකටම සාමයේ අත දිගු කිරීමට කාලය එළම ඇති බව පකිස්ථාන හමුදාපති ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා පවසනවා.
පාකිස්තාන ගුවන් හමුදා ඇකඩමියේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකදී ජෙනරාල් බජ්වා ප්‍රකාශ කළේ පාකිස්තානය සහ ඉන්දියාව ද ජම්මු හා කාශ්මීරයේ ගැටළුවකට සාමකාමී විසදුමක් සෙවීමට එකඟ විය යුතු බවයි.
පාකිස්තානය ,කලාපීය හා ගෝලීය සාමය උදෙසා විශාල පරිත්‍යාගයන් කළ දේශයක් බවයි පකිස්ථාන හමුදාපතිවරයා පවසන්නේ.
සාමය වෙනුවෙන් පකිස්ථානය දිගු කරන දෑත දුර්වලතාවයක් ලෙස වටහා නොගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.
සෑම තර්ජනයක් මැඩපැවැත්වීමට පාකිස්තාන ත්‍රිවිධ හමුදාවට පූර්ණ හැකියාවක් ඇතැයිද පකිස්ථාන හමුදාපතිවරයා පැවසුවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *