ශ‍්‍රීලනිප – පොහොට්ටු සාකච්ඡා සාර්ථකයි – බැසිල්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (27දා) පැවැති සාකච්ඡුාව සාර්ථකව අවසන් වූ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැතිවරයකු වූ බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා.

සාකච්ඡුාවේ ප‍්‍රගතිය අප අපේ පක්‍ෂයට හා අප සමග සම්බන්ධ වී සිටින සහෝදර පක්‍ෂවලට දැනුම් දෙනවා. ඒ වගේම ශ‍්‍රී.ල.නි.පයෙන් ඔවුන්ගේ පක්‍ෂයට දැනුම් දීමෙන් පසු ඒ අදහස් අනුව පක්‍ෂ දෙකේ නායකයන් හමු වී අනුමත කිරීමෙන් පසු අවසන් තීන්දුවක් ගන්නවා.

ප‍්‍රතිපත්තිමය වශයෙන් ඔවුන්ගේ යෝජනා කිහිපයකට එකඟ වුණා. ඒ වගේම අපත් නියෝජනය කළ පැරණි දේශපාලන පක්‍ෂයක් වන ශ‍්‍රී.ල.නි.ප. යේ අනන්‍යතාව රැුකගැනීම පිළිබඳවත් කිසිදු ප‍්‍රශ්නයක් නැහැ. එමෙන්ම මෙයට පෙර පැවති සාකච්ඡුාවලදී දෙපාර්ශවය එකඟ වූ ප‍්‍රතිපත්තිමය කරුණුවලට අමතරව ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඔවුන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අප පක්‍ෂයේත් ප‍්‍රතිපත්තිය වන ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම, ඇමැති මණ්ඩලය සීමා කිරීම යන ප‍්‍රතිපත්ති කිහිපයකට මූලික වශයෙන් එකඟත්වයකට පැමිණුනා.

ශ‍්‍රී.ල.නි.ප.ය අපේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡුා කිරීමට අදහස් කරගෙන සිටින බවද ඔවුන් දැනුම් දුන්නා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න