එක්ස්රේ පටලවල හිඟයක්

දත් ආශ්‍රිත විකිරණ පරීක්ෂණ සඳහා භාවිත කරන සේයා පටලවල දැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් දැමීමට සිදුව ඇති බවය.

මේ පිළිබඳව අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ, දත් ආශ්‍රිත විකිරණ පරීක්ෂණ සිදු කිරීමට බාධාවක් වී ඇති සේයා පටල හිඟයට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *