පළමු T20 තරගයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 174ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 79 යි.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 33යි. ඉසුරු උදාන පන්දු 3කදී ලකුණු 15ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19 යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ලකුණු 175 ක් ලබාගත්තා.
ලකුණු 48ක් රැස් කළ රොස් ටේලර් තරගයේ වීරයා බවට පත්වුණා.
ලසිත් මාලිංග හා වනිදු හසරංග කඩුලු 2 බැගින් දවාගත්තා.

2811

ආසාදිතයන්

2333

සුවය ලැබූ

467

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :