ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 11

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිඛෙනවා.

ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසටි නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් ඊයේ රාත්‍රියේ නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තරඟ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් එම මැතිවරණය පැවැත්වීම කල් ගොස් තිබුණා.