එජාප ජනපතිවරයෙක් යටතේ රට දියුණු කරනවා / ඇමති අලවතුවල කියයි

වසර 25කට පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු බිහිකිරීමේ අරමුණින් පුළුල් සන්ධානයක් ගොඩනගන බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට  සහය පල කිරීමට කුරුණෑගලදී පැවැත්වෙන රැළිය පිළිබද අදහස් දක්වමින්.

අද පස්වරු 2.30 ට පමණ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී රැළිය ආරම්භ කිරීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ බාධාවකින් තොරව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල මෙම ජනාධිපතිවරණයෙන් පසු ආරම්භ කරන බවද ජේ සී අලවතුවල මහතා මෙහිදී කියා සිටියා.

අද රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගිවීමට නියමිතයි.
පසුගිය සමය පුරා එත්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට විවිධ බාධා එල්ල කෙරුණද හැකි මට්ටමේ ඉහළම සේවයක් ජනතාවට සලසා ඇති බවත් එජාප ජනාධිපතිවරයකු යටතේ බාධාවකින් තොරව ඉහළම මහජන සේවාවක් ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න