දිනන ජනපති සටනට සුදුස්සා සජිත් / රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල

ජනතාවාදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු ඉදිරි ජනාධිපතිවරණයෙන් තෝරා පත් කර ගැනීමට ජනතාව අපේක්ෂාවෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ මාවතගම ආසන සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගැනීම වෙනුවෙන් ජනතා කැමැත්ත පෙන්නුම් කිරීමට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී සංවිධානය කර තිබූ ජන රැළිය අමතමින්.
ඒ සදහා සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි ජේ සී අලවතුවල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න