ආර්ථිකය හදා දුප්පත්කම දුරලන හැටි ගෝඨාභය රාජපක්ෂ කියයි

තරුණ ප්‍රජාවට නිසි පුහුණුව හා තාක්ෂණය ලබාදීමෙන් රටේ ආර්ථිකය සවිමත් කර දුප්පත්කම දුරලිය හැකි බව පොදුජන පෙරමුණේ ජනපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේ කොලඹදී පැවැති සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිත හමුවක් අමතමින්.

දිලිදුකම පිටු දකින ව්‍යාපාරයක් විදිහට තමයි සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කෙරුණේ. වෛද්‍ය සේවය සෞඛ්‍ය සේවය වගෙම ඔබේ සේවයත් වැදගත්. ආසියානු රටවල දිළිඳුකම තුරන් කිරීම පිළිබඳව විශේෂ වැඩසටහන් ක‍්‍රියාත්මක වෙනවා. ජනතාව දිළිඳුකමෙන් ඉහලට ගෙන ඒම සෑම ආසියානු රටකට ම ප‍්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් බොහෝ රටවල් කරගෙන යන ක‍්‍රමවේදයන් ගැන මම අධ්‍යයනය කළා.චීනයෙන් ලැබුණු විශේෂ ආරාධනයක් අනුව චීනයේ දිළිඳුකම පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීම සදහා මම සහභාගි වුනා. ප‍්‍රායෝගිකවම ඒ එ් ස්ථානවලට ගිහින් මේ සම්බන්ධයෙන්  අධ්‍යයනයක් කළා.

අද ආසියාවේ තිබෙන විශාලතම ප‍්‍රශ්නයක් පිළිබඳව කරන ක‍්‍රියා දාමයක සහකරුවන් ලෙස ඔබව හඳුන්වන්න පුළුවන්. මෙය අපේ රටේ තිබෙන විශාල ප‍්‍රශ්නයක්. අපේ රටේ දිළිදුකම නැති කිරීම සඳහා ඇති කළ ව්‍යාපෘතිය මෙහෙයවන කණ්ඩායම් ඔබයි. 1971 සහ 1988  තරුණ කැරලි  වලට හේතුවක් වුණේ දිළිඳුකම හා බැඳුණු කරුණුයි. සමෘද්ධී වැඩසටහනට පෙර තිබුණු ජනසවිය වැඩසටහන ක‍්‍රියාත්මක කළේ දිවයිනේ තෝරාගත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පමණයි. පොදුජන පෙරමුන පෙරමුණ රජය මෙම වැඩසටහන දිවයින පුරා ක‍්‍රියාත්මක කළා. මුලින් ක‍්‍රියාත්මක කෙරුණු සමෘද්ධී අධිකාරිය වෙනුවට තවත් ආයතන ගණනාවක් ඒකාබද්ධ කෙරුණු දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ 2013 වසරේදී මේ ව්‍යාපාරය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන ගියා. සමෘද්ධි ව්‍යාපාරයට දැන් වසර විසිපහක් ගත වෙලා. සමෘද්ධි ව්‍යාපාරය දැන් ජවසම්පන්න තරුණයෙක් වගේ.

පසුගිය වසර 25 සිටම කරන ලද දුප්පත්කම අඩු කිරීම ව්‍යාපෘති තුළින් ජනතාවගේ දුප්පත්කම සත්‍ය වශයෙන් අඩුවී තිබෙනවා ද යන්න අපි සොයා බලන්න අවශ්‍යයි. අපේ රජයක් යටතේ සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න, ඔවුන් ස්ව ශක්තියෙන් නැගී සිටින්න අවශ්‍ය වැඩපිළිවෙළක් දිවයින පුරා ක‍්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මෙවැනි වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමේදී එහි මූලිකත්වය ගත යුත්තේ ඔබ. එවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමේදී සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ මතයි. ඔබට විවිධ ගැටලූ පැන නැගලා තිබෙනවා. අපි ඒ ගැටලූව අනිවාර්යෙන්ම විසඳන බවට පොරොන්දු වෙනවා.

ලොව පුරා රටවල දිළිඳුකම තුරන් කිරීමේ දී ඔවුන්ගේ මූලික අරමුණ වුණේ මාසිකව ස්ථාවර ආදායමක් පවුලකට ලබාදීම. ඇත්තටම පවුලක් දිළිඳු භාවයේ ඉන්නේ ඇයි. ආදායම් ලැබිය හැකි රැකියාවක් ලැබීමේ අධ්‍යාපන තත්ත්වයක් ඇති කෙනෙක් පවුලේ නැති නිසයි එහෙම වෙන්නේ. ඒ නිසා ඔවුන්ට රජයේ රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහුගේම ව්‍යාපාරයක් කරන්නට මුදල් නැහැ, දැනුම නැහැ. එහෙමත් නැත්නම් වගාවක් ගොවිතැනක් කරන්නට ඔහුට ඉඩමක් නැහැ. මෙවැනි දේ නිසා තමයි පවුලක් දිළිඳු බවට පත්වෙන්නේ. දිළිඳු බව තුරන් කරන්න නම් මේ ප‍්‍රශ්න වලට විසඳුම් දිය යුතුයි.

චිනය මේ ප‍්‍රශ්න වලට ප‍්‍රායෝගික විසදුම් දීලා තියෙනවා.  රජයේ රැුකියාවක් ලබන්න සුදුසු අධ්‍යාපනයක් නැතත් තමන්ගේ ගමේ ම තිබෙන පාසල ආරෝග්‍යශාලාව හෝ රෝහලේ වේවා මේවායේ විවිධ මට්ටමේ රැුකියාවක් තිබෙනවා. මේ රැුකියා ලබා දෙන්නේ කාටද කියලා බැලූවොත් අපිට මේ ප‍්‍රශ්න වලට විසදුම් දිය හැකයිි. එවැනි රැුකියාවක් හෝ දිලිදු පවුලකට ලබා දෙන්න හැකිනම් අපිට ඒ පවුලට ස්ථිර ආදායම් මාර්ගයක් ඇති කළ හැකියිි. මේ පවුලක එක සාමාජිකයෙක්ට වඩා හොඳ ආදායමක් ලැබිය හැකි රැුකියාවක් ලැබිය හැකි නිපුනත්වයක්ලබා දුන්නොත් ඒ පවුල දිළිඳු බවෙන් ඉහලට ගන්න පුළුවන්.

ඒ පවුල්වල එක සාමාජිකයෙක් හරි හොඳ අධ්‍යාපනයකට යොමු කරවන්න අපි උත්සහ කළ යුතුයි. ඒ වගේම සුළු ව්‍යාපාර ව්‍යවසායකයන් බවට පත් කරන්න පුළුවන්. ව්‍යාපාර සඳහා මුදල් දීම පමණක් නෙවෙයි, දැනුම හා මග පෙන්වීම ලබා දෙන්නත් පුළුවන්.

එ් වගේම අපේ ගම්බද ජනතාව ගොවිතැනට යොමු කළ හැකියි. මුරුංගා වැවීමෙන්  විශාල ආදායමක් ලැබිය හැකියි. කොමඩු වලින් පැණි යුශ හදලා පිටරට යවන  තරුණයෙක්ම මට හමුවුණා. සීනි වලින් පැනි ලබා ගන්නවා වෙනුවට මෙවැනි දෙයක්  ඉතා පහසුවෙන් කළ හැකියි. ඒ තරුණයා ගොවි මහතුන්ගෙන් මුරුංගා කොළ අරගෙන වියලා කුඩුකර ජපානෙට යවලා විශාල ආදායමක් ලබනවා. මෙවැනි අවස්ථාවන්  ඕනෑ තරම් අද ලෝකයේ තිබෙනවා. මෙවැනි අවස්ථා සඳහා අපි දිළිඳු පවුල් යොමු කළ යුතුයි. සමෘද්ධි ව්‍යාපාරය  හරහා ජයග‍්‍රහණයක් ලබන්න අපි මෙවැනි දේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. චීනයේ එක පළාතක්  පරිසරය සුරක්ෂිත කිරීම සඳහා යොදවා තිබුණා. ඔවුන් රජයේ නිලධාරින් වදියට වැටුපක් ලබන ගමන් තමන් ජීවත්වන පරිසරයේගස් කපන්න නොදී පරිසරය ආරක්ෂා කරනවා. අපි කළ යුත්තේ පවුල් බල ගැන්වීමයි.

දිළිඳුදුකම පිටු දැකීම අපේ අරමුණක්. ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් ඔබලාට තිබෙනවා නම් මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ ව්‍යාපාරයේ තිබෙන දුර්වලතාවයන් සහ ඔවුන් සතු ශක්තීන් අවබෝධ කර ගත්තොත් අපිට සමෘද්ධී ව්‍යාපාරය තවත් සාර්ථක කරගන්න පුළුවන්. සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ ග‍්‍රාමීය බැංකු විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. ඔබ හා සම්බන්ධ ප‍්‍රජාමුල සංවිධාන රාශියක් ක‍්‍රියාත්මකයි. විසි හත් දාහක් පමණ වන සමෘද්ධි නිලධාරීන් රටට සම්පතක්. ඔබ මේ සම්බන්ධයෙන් මනා අවබෝධයක් තියෙන ප‍්‍රායෝගික අවබෝධයක් තිබෙන පිරිස.

ඔබට ආවේණික ප‍්‍රශ්න වගේම දිළිඳු බවින් ගොඩ ඒම සඳහා සම්මතයක් ලෙස අපේ ආර්ථිකය ගොඩනඟා ගන්න අවශ්‍යයි. යුද්ධය අවසන් කරන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු යව අවස්ථාවේ මේ රටේ කිසිම කෙනෙක් එය කරන්න පුළුවන් බව කිව්වේ නැහැ. විදේශීය රටවල අය පවා හිතුවේ යුද්ධය අවසන් කරන්න බැහැ කියලයි. නමුත් අපිට අධිෂ්ඨානයක් තිබුණා. එය කරන ආකාරය අපි දැනගෙන හිටියා. ඒ වගේම අදත් රටේ ආර්ථිකය පහළ මට්ටමවැටිල තියෙන්නේ. ගොඩ ගන්න අසීරුයි කියලා එ් අය කියනවා. නමුත් දර්ශනයක් ඇතිව හරි වැඩපිළිවෙලක්් යටතේ මේ අභීයෝගය පහසුවෙන් ජය ගන්න පුලූවන්.

ආසියාව තමයි වේගයෙන් දියුණු වන කලාපය. ඒ නිසා අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා. අපේ ආර්ථිකය නගා සිටුවා ගන්න හොඳ කවුළුවක් විවෘත වෙලා තිබෙනවා. වසර ගණනාවක් අපේ රටේ තිබුණේ නිදහස් අධ්‍යාපනය හේතුවෙන් අපේ මිනිස්සු දැනුමින් සන්නද්ධයි. නමුත් අපේ මිනිස්සු ඒ දැනුම ප‍්‍රයෝජනයට ගෙන නැහැ .මේ දැනුම ප‍්‍රයෝජනයට ගෙන අපිට විශාල ආදායමක් ලැබිය හැකයිි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ කි‍්‍රඩා කිරීම මගින් මුදල් සෙවූ තරුණයෙක් මට හමුවුණා. ඔහු විශාල විදේශ විනිමයක් මේ රටට ගෙන එනවා. නමුත් ඔහු උසස් පෙළ අසමත් වුනු තරුණයෙක්. ඒ තරුණයා දැන් ඇමෙරිකාවේ තිබෙන සමාගම් වලට උපදෙස් දෙන සමාගමක් පවත්වාගෙන යනවා. මොහු මේ සියලූ දේ ඉගෙනගෙන ඇත්තේ අන්තර්ජාලය හරහා යි. ඇමරිකාවේ සමාගම්වලින් විශාල මුදලක් අයකර ලැබෙන සේවාවට වඩා හොඳ සේවාවක් ලබා දීම නිසා, ඇමරිකාවත් අපේ ශී‍්‍ර ලාංකිකයින්ගේ සේවයයි ලබාගන්නේ. අනිත් තරුණයන්ට මේ ආකාරයේ ආදායම් ලබන්නට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබා දී, අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙන්න කියලා ඒ තරුණයා ඉල්ලා සිටියා. යටිතල පහසුකම් දියුණු කිරීම හා අධ්‍යාපනය හරහා රැුකියා උත්පාදනය කිරීම සඳහා අවස්ථාවන්  ඕනෑතරම් තිබෙන බවට මෙය  උදාහරණයක්.

මෘදුකාංග සමාගම් සමඟත් අමාත්‍යංශ ලේකම්වරයෙක් විදියට මම කටයුතු කරලා තිබෙනවා.ඔවුන් ඩොලර් බිලියන 1 ක ආදායමක් තාක්ෂණය හරහා උපයන බව කියනවා. මෙය අපිට ඩොලර් බිලියන 3 දක්වා ඉදිරියට ගෙනි යන්න පුළුවන්. ඒ සදහා තාක්ෂණික දැනුම ඇති තරුණ තරුණියෝ තව ලක්ෂ තුනක් අපට අවශ්‍යයි.

ලක්ෂ දෙකක් උසස් පෙළ සමත් වුණත්, දරුවෝ 35000 යි විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නේ. විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්න ප‍්‍රමාණය වැඩි කරලා පුහුණු කිරීම් වැඩි කරලා පහසුවෙන්ම මෙවැනි රැුකියා සදහා යොමු කළ හැකයිි. මේ රුකියා මගින් මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන්න හැකියි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපේ රජයක් විශාල මුදලක් ආයෝජනය කරන්න තීරණය කර තිබෙන්නේ එ් නිසයි.

ඔබට හොඳ ජීවිතයක් ගත කරන්නට නම්, පහසුවෙන් නිවසක් තනා ගන්න, දරුවන්ට හොදින් උගන්වන්න  වැඩි ආදායමක් ලබන්න අවස්ථාව උදා කළ යුතු යි. දරුවාට හැකි අයුරින් උගන්වලා දරුවා අතරමං වෙනවා නම් දෙමව්පියන්ගේ කැපකිරීම් වලින් වැඩක් නැහැ.

අපි රටේ ආරක්ෂාව ගැන කතා කරන කොට, අපි පොලිස් හමුදා පාලනයක් ඇති කරන්න උත්සාහ කරන බව සමහරු කියනවා. ඔබ නිවසින් රැුකියාවට යන විට, ළමයා පාසලට යන විට,  ආරක්ෂිතව  යන එන එක අවශ්‍ය නැද්ද ? ඔබේ දියණිය අතවරයකින් තොරව  නිවසට ඒම අවශ්‍යයි නේද? දරුවා ආරක්ෂිතයි කියන විශ්වාසය ඔබට අවශ්‍ය නැද්ද? මම කතා කරන්නේ මෙවැනි සුරක්ෂිතභාවයක් ගැනයි.

යුද්ධය අවසන් කර වසර දහයක කාලයක් බෝම්බ පිපිරුනේ නැත්තේ අපි ඇති කළ ආරක්ෂක පිළිවෙත නිසයි. එදා මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ අපිට නැවත හමුදා ක‍්‍රියාන්විත කරන්න බැරි බවයි. අවුරුදු තිහක් අපේ ජනතාව යුද්ධයෙන් දුක් වින්දා. ත‍්‍රස්තවාදය අවසන් නිසා ජනතාවට නිදහසේ ඉන්න අවස්ථාව දෙන්න  ඕන. අපි හොඳ බුද්ධි විමර්ශන ජාලය  ඇති කරලා තිබුණු නිසා මෙවැනි සිද්ධීන් ඇති වුණේ නැහැ. ඒ බුද්ධි ජාලය විනාශ කිරීම නිසා උණු විනාසය අපි දැක්කා. මෙරට පාලකයින් ජාතික ආරක්ෂාව ප‍්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ අපිට ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුවත් ජාතික ආරක්ෂාවේ වැදගත්කම තේරුනා. රටක් ස්ථාවර වෙන්නේ ජාතික ආරක්ෂාව හරහා යි. දේශීය හෝ විදේශීය ආයෝජකයින් ආයෝජන සඳහා පැමිණෙන්නේ රටක ස්ථාවරත්වයක් තිබුනොත් විතරයි. සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්නෙත් එවැනි ස්ථාවරභාවයක් තිබුනොත් විතරයි. දිළිඳු බව තුරන් කිරීමට සංචාරක ව්‍යාපාරය යොදා ගැනීමේ හැකියාවත් තිබෙනවා. රටක ස්ථාවරත්වයක් නැත්තං ආරක්ෂාවක් නැත්නම් සංචාරකයන්ට එයිද? මේ අවබෝධය පාලකයන්ට නොතිබීම තමයි සියල්ලටම හේතුව. නිලධාරීන් අතින් අතපසු වීමක් වුනානම් එහෙම වෙන්න හේතුව මොකක්ද? රටේ පාලකයන්, නායකයන් ජාතික ආරක්ෂාව පිළිබඳ තැකීමක් නොකිරීමයි. ආරක්ෂාවට ප‍්‍රමුඛත්වයක් නොදීමයි. නිලධාරීන්ට පමණක් චෝදනා කළ නොහැකයිි.

2005 අපි බලයට ආපු අවස්ථාවේ අපේ නිලධාරීන්ට ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ මානසිකත්වයක් දීලා තිබුනේ නැහැ. අපි මුලින්ම කලේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ මානසිකත්වය නිලධාරීන්ට දුන්නා. මේ රජය ඒ මානසිකත්වය කඩා දැම්මා. අපේ රජයක් යටතේ රටේ ආරක්ෂාව පිළිබඳ මානසිකත්වය හදන්න අවශ්‍යයි. ආරක්ෂාව තහවුරු කර ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. අධ්‍යාපනය සකස් කළොත් ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. දිළිඳුකම හා දරිද්‍රතාවය නැති කරන්නම් ආර්ථිකය දියුණු කළ යුතුයි. අපේ ආර්ථික සැලැස්ම සකස් වෙලා තිබෙන්නේ ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් විදිහටයි. එයින් අදහස් වෙන්නේ දේශීය ව්‍යවසායකයන්ට අත හිත දෙන ගමන් නව ව්‍යවසායකකයින්ට අතහිත දෙන ගමන නව රැකියා උත්පාදනය කිරීමයි. එමගින් දරිද්‍රතාවයේ පහළ සිටින පවුල් ඉහලට ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. මේ සදහා ඔබගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.මේ අවස්ථාව ලබා දීම සම්බන්ධය ස්තුතියි .

– GR midea


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න