පන්දු 4යි කඩුලු 4යි / මාලිංගගෙන් තවත් ලෝක වාර්තා

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති 3 වන විස්සයි විස්ස තරගයේදීපිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්කමක් විස්සයි විස්ස තරගයකදී දැක්වූ ලොව දෙවන ක්‍රීඩකයා හා කඩුලු 4ක් පන්දු 4කදී දෙවරක් දවාගත් ලොව එකම පන්දු යවන්නා බවට පත්වුණා.

ඒ සමගම කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසයි ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවේ.

අද තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්වුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න