ජනපති සටනට අගමැති සූදානම් / දේශපාලන ආරංචි මාර්ග කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂයකයා ලෙස තමන් ඉදිරිපත්වීමට සූදානමින් පසුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ටයන්ට දන්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගා අනාවරණ කරනවා.

අරලියගහ මන්දිරයේදී පැවති එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී මෙම අදහස් පල කර ඇති බවයි අදාළ වාර්තා සදහන් කරන්නේ.

එජාපය දෙකඩ නොවන විසඳුමක් ලෙස එජාප ජ්‍යෙෂ්ඨයන් එහිදී යෝජනා කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක ලෙසත් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් නම් කල යුතු බවයි.

එමෙන්ම මේ ගැන රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සෘජු සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත් එහිදී තීරණය කර ඇති අතර එම හමුව ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිත බව සදහන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න