හොංකොං ජනතාවගේ සටන දිනයි

හොංකොං ප්‍රධාන විධායක නිලධාරී කැරී ලැම්, ආන්දෝලනාත්මක උදර්පණ පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව නිවේදනය කර තිඛෙනවා. එරට ප්‍රධාන නීතිවේදීන්, ආණ්ඩුවේ නියෝජිතයින් සහ චීන ජාතික ජනතා කොංග්‍රසය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇය මෙම තීරණය ගෙන ඇතැයි සදහන්. ආන්දෝලනාත්මක පනත් කෙටුම්ත සකස් කර ඇත්තේ දේශපාලන නඩු විභාග කිරීම, චීනයට පවරමින් එවැනි නඩුවලට පෙනී සිටින සැකකරුවන් චීනයට උදර්පණය කිරීමට අදාල යෝජනාවලින් කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඊට එරෙහිව ජනතා විරෝධතා ආරම්භ වූයේ පසුගිය මාර්තු මස 31 වැනිදායි. ඊට එල්ල වූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් නීති කෙටුම්පත අත්හිටුවීමට නායිකා කැරී ලෑම් පියවර ගත්තේ ගතවූ ජූනි මාසයේදී වන අතර එය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා ලෙස බලකරමින් එරට ජනතාව වීථි බසිනු ලැබුවා.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න