නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස් දෙනෙකු  සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අධිකරණ නියෝගයක් කඩ කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි නියෝජ්‍ය ඇමැතිවරයාට  එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ.

කලුතර  ප්‍රදේශයේ  වතු  යායක  වතු  හිමිකරුගේ  විරෝධය  නොතකා  මළ සිරුරක් වළ දැමීමට ගොස්  ඇති වූ  සිද්ධියකදී  පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා  එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන්  මොවුන්ට චෝදනා එල්ල වී තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න