මැතිවරණ කොමිසමේ බලය හෙට සිට වැඩිවෙයි

මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා හෙට සිට මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම , ඡන්ද විමසීම පැවැත්වීම , මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට බලය පැවරෙන බව සදහන්.