හොංකොං විරෝධතාකරුවන් බ්‍රිතාන්‍ය ජාතික ගීය ගයයි

හොංකොං හී බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය ඉදිරිපිට එරට විරෝධතාකරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. බ්‍රිතාන්‍ය ජාතික ගීය ගායනා කරමිනුයි ඔවුන් විරෝධතාව සිදු කළේ.

හොංකොං රාජ්‍යයට චීනය සිදු කරන බලපෑම නතර කරන ලෙස බ්‍රිතාන්‍ය ඉල්ලා සිටිය යුතු බවයි ඔවුන් ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍ය ධජ රැගෙන විරෝධතාකරුවන් උද්ඝෝෂණය සිදු කළා. හොංකොං රාජ්‍යය චීනයට පවරා දෙන විට ඉදිරිපත් කළ එක් රාජ්‍යයක් පාලනයන් දෙකක් ලෙස පැවති ක්‍රමය මේ වන විට අහෝසි වි ඇති බව උද්ඝෝෂකයින් චෝදනා කරනවා. උද්ඝෝෂණයට දහස් ගණනක් ජනතාව එක්ව සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.