මාධ්‍යවේදීන්ගේ ජිවිත අහිමිවීම සහ නිදහස අහිමිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එතරම් සැලකිල්ලක් නොදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළා.
ඒ කොළඹදී ආරම්භ වූ ජන මාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජාත්‍යන්තර සමුළුව අමතමින්.

අද මාධ්‍යවේදීන් මේ ආණ්ඩුවට ගහන්නේ ඇයි? අද ප්‍රජාතන්ත්‍රවාදය තුළ අප ජීවත් වන නිසයි. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය එපාවී තිබෙනවා. ඔවුන්ගේ අරමුණ රාජපක්‍ෂ සමග නැවත පැමිණ මුදල් ඉපැයීමයි. ව්‍යාපාර කිරීමයි. ඒ ක්‍රමවේදය නැවත ගෙන ඒමයි. එවිට මෙරට මාධ්‍ය නිදහස ආරක්‍ෂා වන්නේ කෙසේද?

ආණ්ඩුවෙන් පමණක් මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරන්න හැකියාවක් නැහැ. සිවිල් සමාජයට පමණක් එය කරන්න බැහැ. අප පොරොන්දු වූ දේ අප විසින් සිදු කරනවා. මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරන්නට කැපවී සිටිනවා. ඇතැම්විට අතපසුවීම් සිදුවිය හැකියි. නමුත් අපේ කාර්යය අප කරනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.