අද වැඩිම ආසාදිතයන් ගම්පහින් / නුවර 2 ට / කොළඹ 3 ට

Sri Lanka

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 787ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්

ඊයේ (22) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 787 දෙනෙකු හදුනාගත් අතර ඉන් තිදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.

වැඩිම ආසාදිතයින් පිරිස හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 139 ක්. මහනුවරින් ආසාදිතයින් 108 දෙනෙකු හා කොළඹින් ආසාදිතයින් 101 දෙනෙකු හදුනාගත් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.

ඒ අනුව අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී තිබූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් හය දහස් අටසිය හැට තුනක්. ඒ අතුරින් 7968 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 793 ක්.

මේ දක්වා පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48617ක් වනවා.

එසේ සුවය ලැබූ 58 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොළොන්නරුවේ ගල්ලෑල්ල, වැලිකන්ද හා පුනානි යන කොවිඩ් මධ්‍යස්ථානවලින් අද පෙරවරුවේ පිටව ගියා. ඔවුන් කොළඹ, ගාල්ල මාතර සහ කුරුණෑගලග පදිංචිකරුවන්.

ඊයේ සිදුවූ කොවිඩ් මරණ දෙක ද සමගින් මේ දක්වා මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 278ක්. ඉන් 178 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සිය දෙනෙකු කාන්තාවන් වනවා.

කොවැක්ස් පහසුකම යටතේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන කොරෝනා එන්නත ජනතාවට ලබාදීමේ පෙරහුරුවක් අද ආරම්භ වුණා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හා රාගම ශික්ෂණ රෝහලේ දී මෙම පෙරහුරුව පැවැත්වීමට කටයුතු කළ බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ. ඉන්දියාවේ නිශ්පාදනය කළ ඔක්ස්ෆර්ස් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට තුළ හදිසි භාවිතය සදහා රජයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ අතර එම එන්නත ශ්‍රී ලංකාවට ලබාදීමට අදාළ සැලසුම් සකස්කරමින් සිටින බව ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළා. එම කාර්යාලයීය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ අදාළ එන්නත ශ්‍රිලංකාවට ගෙන්වා ගැනීම සදහා දෙරටේ රජයන් සමග එක්ව කටයුතු සිදුකරමින් සිටින බවයි.

ඊයේ දිනය තුළ පීසීආර් පරික්ෂණ 19285ක් ද සිදුකර තිබෙනවා.

මේ අතර නිරෝධායන නීතීන්ට අනුව ආයතන ක්‍රියාත්මක වන්නේද යන්න පරික්ෂාවට ලක්කිරීමේ වැඩපිළිවෙල යටතේ එම නීති කඩකල ආයතන 1004 කට එරෙහිව නීතිමය පියවර ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *