ගැහුවොත් ගහනවා/ එතකොට ලෝක යුද්ධයක් – ඉරානය

සෞදිය හෝ ඇමෙරිකාව තම රටට එරෙහිව පහරදුනහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසනවා.
එවන් තත්ත්වයක් මතුවුවහොත් එය ලෝක යුද්ධයක් දක්වා දුරදිග යනු ඇති බවයි ඉරාන ජනපති පවසන්නේ.
කෙසේ වෙතත් මේ දක්වාම යුද්ධයකට යාමේ උවමනාවක් ඉරානයට නැතැයිද ඔහු පැවසුවා.
සෞදිය, ඇමෙරිකාව සහ ඉරානය අතර යුද උණුසුමක් මේ වනවිට නිර්මාණය වී ඇත්තේ, මීට සතියකට පෙර සෞදියේ තෙල් ගබඩා සංකීර්ණ දෙකකට එල්ල වුණු නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරය හේතුවෙනුයි.
යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් එහි වගකීම භාරගත්තද අදාළ ආයුධ ඉරානයට අයත් බව ප්‍රකාශ වනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish