නිල්වලා හා ගිංගගේ, ජල මට්ටම් ඉහළට

ඉදිරි පැය 24 තුල බස්නාහිර , සබරගමුව,මධ්‍යම සහ දකුණ පළාත්වල වැසි හෝ ගිගුරුම්  සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා සහ ගිංගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති හෙයින් ජනතාවට විමසිලිමත්වන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අගවන්නේ.

මේ අතර නිල්වලා ගඟේ අතු ගංගාවක් වන උ රුමුත්ත ඔය මාකදුර ප්‍රදේශයෙන් පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් කඹුරුපිටිය මුලටියන ප්‍රදාන මාර්ගය මේ වන විට ජලයෙන් යටව පවතින අතර ඇතැම් ස්ථානවලට පස්කදු කඩා වැටීම නිසා මේ වන විට එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා මතුව ඇති බව සදහන්.